මිනුවන්ගොඩ

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ගැන සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළොත් බරපතල වැඩ සහිත දෙවසරක් හිරේ

සමාජ ජාලා ඔස්සේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රචාරයක් ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් බැවින් ඒ පිළිබඳ වි‍ශේෂ විමර්ශණ සිදු කරන බවත්, එවැනි පුද්ගලයින්ට වසර දෙකක කාලයක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට නීති ප්‍රතිපාදන තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය කාලය තුළ විවිධ සමාජ මාධ්‍ය තුළින් මත්පැන් නිෂ්පාදනය හා දුම්වැටි නිෂ්පාදනය පිළිබඳ වී‍ඩියෝ නිකුත් කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කළ බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *