මතභේදයට තුඩු දුන් නෙළුව-ලංකාගම මාර්ගය නිරීක්ෂණය කිරීමට ජනපති යයි

පරිසරයට හානි නොවන පරිදි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම තම රජයේ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසා සිටියා. ඒ ඊයේ (29) දිනයේ නෙළුව-ලංකාගම මාර්ග ව්‍යපෘතිය නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ ප්‍රචාරය කෙරුණු අතර, එහි සත්‍ය අසත්‍යතාව සොයා බලා විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසීම ජනාධිපතිතුමාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන අතර තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. ගම් වැසියන් සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගය ඔස්සේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යාම සිදු කෙරේ.

මාර්ගයේ පවතින තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී දැඩි බාධාවක්ව තිබූ අතර, ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් කළ චෝදනා හේතුවෙන් මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිතුමා සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය නිරීක්ෂණය කිරීමට එක් විය. එහිදී ජනාධිපතිවරයා යළිත් අවධාරණය කර සිටියේ ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බවටයි.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මගින් මෙම ප්‍රතිසංස්කරණය කෙරෙන කිලෝමීටර් 18 කින් යුත් මෙම මාර්ගය තෙමසක් තුළ සාදා නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ. එමගින් ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45ක් දක්වා අඩු වනු ඇත. ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

එමෙන්ම ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරෙන අතර ඒ අනුව ගම්මාන රැසක දූ දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් වනු ඇත.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2,100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

Image may contain: 5 people, people standing, tree, outdoor and natureImage may contain: 10 people, people standing, tree, outdoor and natureImage may contain: 5 people, people standing, tree, crowd, plant, outdoor and natureImage may contain: one or more people, child, outdoor, nature and waterImage may contain: 14 people, crowd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *