මට පසුව පැමිණි නායකයන් දෙදෙනා නිදහස් පක්ෂයේ වත්මන් තත්වයට වගකිව යුතුයි – චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්ථමානයේ ඇතිව ඇති තත්ත්වයට තමාට පසු පැමිණි නායකයන් දෙදෙනා වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය මෙසෙ ප්‍රකාශ කර සිටියා

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්වෙලා තියෙන ඉරණම ගැන තාමත් දුක්වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ, මේකට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා. මමත් මෙයට වගකිව යුතුයි කියලා හිතෙනවා“ යැයි ඒ මහත්මිය පැවසීය.

“අවුරුදු 9ක් මම දේශපාලනයෙන් අයින්වෙලා ඉදලා. නැවත් දේශපාලනයට එන්නේ නැහැ කියලා පැහැදිලි තීරණයක් මත කටයුතු කරමින්, වෙන කටයුතු කරමින් හිටියේ නමුත් 2015 යළි දේශපාලනයට ආවේ රටට වෙන ඇබැද්දිය දැක්ක නිසා, පක්ෂයට වෙලා තිබුණ ඇබැද්දිය දැක්ක නිසා. මේක ගොඩගන්න පුළුවන් කියලා හිතාගෙන“ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

“මට පස්සේ ආපු නායකයෝ දෙන්නාම පක්ෂයට වෙලා තියෙද දේට වගකියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශ කළේ මේ අයයි“ යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *