මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න – රනිල් වික්‍රමසිංහ

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉහළ දමන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ඒ සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, පොහොට්ටුව හැදුවේ කොරෝනාවෙන් දේශපාලනය කරන්න බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කලේ මොරටුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා සිටියා.

“මම බලන්නේ නෑ විපක්ෂයේ බලය ගන්න. මොකද් ද අපි කැමති. විපක්ෂයේ බලය ගන්න ද ආණ්ඩුවේ බලය ගන්න ද? අපිට ඕනි යූඇන්පී ආණ්ඩුවක්, සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න ආපහු.. වෙන කොහෙද? පාර වැරදුනු මිනිස්සු කොහේ යයිද දන්නේ නෑ“ යනුවෙන් ද අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *