නාවික හමුදාපතිවරයා විශ්‍රාම යයි

නව නාවික හමුදාපතිවරයා අද දිනයේදී පත් කිරීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ඒ 23 වන නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15) දිනයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින්.

වසර 36 ක සේවා කාලයක් නිම කළ, විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දිනයේ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා විසින් පියල් ද සිල්වා මහතා කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ අතර ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශීංසන එක් කළ බවයි මෙහිදී මවුබිම වෙනුවෙන් ජනාධිපතිවරයා, කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (14) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි “අද්මිරාල්” ධුරය දක්වා උසස් කිරිමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය. 2019 වසරේ ජනවාරි 01 වැනි දින නාවික හමුදාපති ධුරයට පත් පියල් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *