කුඩු දැමූ ටෙනිස් බෝලයක් බන්ධනාගාරයට යැවීමට රුපියල් 15,000 යි

ටෙනිස් බෝලවල අසුරා කළුතර මල්වත්ත බන්ධනාගාරයට හෙරොයින්, දුම්කොළ, ජංගම දුරකථන සපයන 15 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් උතුරු කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරයට යැවීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 5ක්, දුම්කොළ 19ක්, ටෙනිස් බෝල් 2ක් හෙරොයින් උරාබොන උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ. මේ ආකාරයෙන් එක් ටෙනිස් බෝලයක් බන්ධනාගාරය තුළට යොමු කිරීමට රුපියල් 15,000 ක මුදලක්ද ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

මත්කුඩු සම්බන්ධයෙන් මල්වත්ත බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් කිහිප දෙනෙක් මෙම පිරිස මෙහයවා ඇති බවට පොලිසිය සැක කරන අතර සැකකරුවන් හෙට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *