ජනාධිපති

මගේ නිල නිවේදන හා ප්‍රකාශ නිල වෙබ් පිටු මගින් හා සමාජ මාධ්‍යයෙන් පමණයි – ජනපති පවසයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද නිවේදනය හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කරන අතර තමන් විසින් සිදු කරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *