මගීන්ගේ ගමන් පහසුව සඳහා MYBUS.lk යෙදවුම (App) හෙට සිට

මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ MYBUS.lk නමින් සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම හෙට (07) දින කොළඹ දී සිදු කෙරේ.

බස් රථවල ගමන් ගන්නා මගීන් රස්තියාදු නොකර ඔවුන්ට නිසි වේලාවට ගමන්ට ගමනක් යාම පහසු කරවීමට බස් රථය පිලිබඳ තොරතුරු ඇතුලත් ජංගම යෙදවුමක් සකස් කරන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබිනි. ඒ අනුව මගීන්ගේ ගමන් පහසුව සඳහා සකස් කළ MYBUS lk නමින් සකස් කරන ලද ජංගම දුරකථන යෙදවුම සැකසුම් කටයුතු මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර අවසන් කර ඇත.

ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන තරුණ උපාධිධරයෙක් වන නුවන් සෙනවිරත්න මහතා විසින් තනිවම, කොමිසමේ මුදල් ශත පහක්වත් වැය නොකරමින් මෙම අංග සම්පුර්ණ යෙදවුම නිර්මාණය කර තිබීම විශේෂ කාරණයකි.

මෙම ජංගම දුරකථන යෙදුවමේ පහසුකම් අනුව මගීන්ට බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය පරීක්ෂා කිරීම, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව, සියලුම බස් රථවලට ගෙවීම් කටයුතු කාර්ඩ්පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි සියලු පහසුකම් මෙම තරුණ නිළධාරියා විසින් සකස් කළ යෙදුමේ අන්තර්ගත වේ.

නුවන් සේනාරත්න මහතා මෙම කටයුතු සියල්ල සිදු කර තිබෙන්නේ වී ගොවිතැන ද සිදුකරන අතරතුරය. මෙම තරුණ නිර්මාණකරුවා ඇගයීමට ද පියවර ගන්නා ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී ඇත්තේ.

1 Comment

  1. Wrong app name and developer information provided

Leave a Reply

Your email address will not be published. Required fields are marked *