කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් මෙරටට පලා එයි

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරේ නිරෝධායනය වෙමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු එම කදවුරෙන් පැනවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තරුණයා ධීවරයෙක් ලෙසින් ධීවර යාත්‍රා මාර්ගයෙන් ලංකාවට පැමිණ ඇති බවටයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

ඇදිරිනීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ. අදාළ තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වුවත් ඔහු මේ වන විට කුමන ස්ථානයක රැදී සිටින්නේ දැයි නිශ්චිත තොරතුරු වාර්තා වී නොවේ. මේ වනවිට
කොරෝනා බහුල රටවල් අතර ඉන්දියාව තුන්වන ස්ථානයේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *