කුසල් මෙන්ඩිස්ට ඇප හිමිවේ

මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරිර ඇප දෙකක් මතයි.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ (05) අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුවූ අතර එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණි. මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පොලීසිය සඳහන් කළා. මිය ගිය පුද්ගලයා පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *