මංගල පැය 5කට පසු CIDයෙන් පිටව යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලමේ අවතැන් වු ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහණය පහසුකම් සැපයීමට රුපියල් ලක්ෂ 95 ක රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍යවරයා පැය 5කට පමණ පසු එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියබවට වාර්තා වේ. මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 14 වැනිදා ද පැය 5ක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *