බැසිල් රාජපක්ෂ නිදොස් කර නිදහස් කෙරේ.

බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත්ව සිටි අවධියේ ඔහු බාරව සිටි අමාත්‍යංශයේ සිටි කාලය තුල රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
ජනපති මහින්ද රාජපක්ෂ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දුන් බවට චෝදනා බැසිල් රාජපක්ෂ මහතාට හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්ටද මෙම චෝදනා එල්ලවී තිබුනේය.
නමුත් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *