ඉහළ මිලැති අත්‍යවශ්‍ය ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට රු. බිලියන 5.7ක ඉතිරියක්

ඉහළ මිලැති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 13ක මිල නියාමනය කිරීම හේතුවෙන් රජයට ඇස්තමේන්තුගත රු. බිලියන 5.7ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පවසයි.

NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ බව  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ප්‍රධාන ඉහළ මිලැති ඖෂධ වර්ග 13ක් සඳහා හඳුන්වා දුන් මිල නියාමනය මත පදනම්ව මෙම රු. බිලියන 5.7ක ඉතිරිය ගණනය කර ඇති බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *