බ්ලේඩ් රනර් නිදහස්

සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වී සිරදඬුවම් විඳිමින් සිටි පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට සමාව ලැබී තිබේ.

ඒ අනුව වසර 13ක සිරදඬුවමෙන් අඩක් ගෙවුණු පසු ඔහු ව නිදහස් කර ඇති බව දකුණු අප්‍රිකානු මාධ්‍යය සඳහන් කරයි.

මේ වන විට ඔහු සිය නිවසට ගොස් ඇති බව ද සඳහන් ය.

ඔහුට දැඩි කොන්දේසි පනවා ඇති අතර, 2029 වන තෙක් ඔහුට මාධ්‍යයට කතා කිරීම ද තහනම් කර ඇත.

මීට වසර 11කට පමණ පෙර ඔහු සිය නිවස තුළ දී රීවා ස්ටීන්කෑම්ප් ව වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පිස්ටෝරියස් පවසා තිබුණේ, සොරෙක් යැයි සිතා තමා එම වෙඩි තැබීම සිදු කළ බවයි.

නාන කාමරයේ සිටි තම පෙම්වතියට දොර හරහා ඔහු විසින් වෙඩි තබා තිබුණු අතර, ඇය එම ස්ථානයේ දී ම මියගොස් තිබිණි.

පිස්ටෝරියස් වයස අවුරුදු 01ක් වීමටත් පෙර ඔහුට සිය දෙපා අහිමි වී ඇත.

පසු ව ඔහු කෘත්‍රිම පාද යොදාගෙන දැඩි වෙහෙසක් දරා මලල ක්‍රීඩකයෙක් බවට පත් විය.

ඔහු ප්‍රකට ව සිටියේ, බ්ලේඩ් රනර් යන අන්වර්ථ නාමයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *