බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අනවශ්‍ය බව අධිකරණය දන්වයි

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) උපදෙස් ලබා දෙනු ලැබුවා.

කෙසේවෙතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කලේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

ඒ අනුව අදාළ නඩුව මෙම මස 27 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *