පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී මේ වනවිට දින කිහිපයක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැත. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.
“මේවා නරිනාටක. රවි කරුණානායකත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැං රිෂාඩ්ව හොයනවා. කාටද මේ විහිළු සපයන්නේ. අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිළු හැටියට නෙවෙයි ගණන් ගන්නේ. දිගින් දිගටම මේවා සිද්ධ වුණොත් ඊළග මැතිවරණේදී දැඩි තීන්දුවක් ගනියි. එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වුණ දේ මේ ආණ්ඩුවටත් වෙන්න පුළුවන්.” යැයි වික්‍රමනායක මහතා පැවසීය.