බදියුදීන්ගේ බිරිඳට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට මේ මස 11 වැන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ(03) සිතාසි නිකුත් කර තිබේ. ඒ රුපියල් මිලියන 18කට ආසන්න බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

රුපියල් 17,999,673ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවීම් පැහැර හැර ඇති බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය වන සහබ්දින් අයිසා මහත්මිය වෙත මෙසේ නඩුව ගොනුකර ඇත්තේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. මෙම සිතාසිය භාර දී ඇත්තේ නො 410 /16 බෞද්ධාලෝක මාවත, කොළඹ 7 පිහිටි නිවස වෙතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *