බඩඉරිඟු ආනයනය සඳහා අනුමැතිය ලබාදීම තවදුරටත් ප්රමාද වුවහොත් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් භාවිත කිරීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.
බඩඉරිඟු හිඟය උග්ර වීම හේතුවෙන් කුඩා පරිමාණයේ කුකුළු නිෂ්පාදකයන්ගෙන් සියයට 20ක් පමණ මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වී ඇති බවද ඔහු පැවසීය.
බඩඉරිඟු සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් නොකළහොත් ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයන්ට කුකුළු මස් සහ බිත්තර සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවිය හැකි බවද සංගමය අනතුරු අඟවයි.


