සැලසුම් කළ ඝාතනයකට සඟවා තිබූ විදේශීය පිස්තෝලයක් ගණේමුල්ලේදී සොයා ගැනේ

ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ සැලසුම් කළ ඝාතනයක් සඳහා භාවිත කිරීමට සඟවා තිබූ බව කියන විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝගයක් යටතේ සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම ගිනිඅවිය සොහොන් පිටියකින් සොයාගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත මෙම ගිනිඅවිය එම ස්ථානයේ සඟවා තබා ඇති බවට සැක කෙරෙන බවයි.

එම ගිනිඅවිය ඝාතනයක් සිදු කිරීම සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *