පොසොන් පොහොයට පුද්ගල දුරස්ථභාවය රැකගෙන සිල් සමාදන්වීමට අවස්ථාව

කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පුද්ගල දුරස්ථභාවය සහිතව පොසොන් පොහොය දින සීල වැඩසටහන් පැවැත්වීමට රජය විසින් අවසර ලබාදී තිබේ. ඒ අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සීල වැඩසටහන් පැවැත්විය යුතු බවටයි පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ.

මේ අතර රාජ්‍ය පොසොන් උත්සවය ”ආරෝග්‍යා පරමා ලාභා” යන තේමාව යටතේ අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවය, අඨමස්ථාන ආශ‍්‍රිතවත්, මුල්කිරිගල, සිතුල්පව්ව හා තිස්සමහාරාම යන විහාරස්ථානවලත් සීමිත පිරිසකගේ දායකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ වයස්ගත පිරිස් හා රොගාබාධ වලින් පෙළෙන පුද්ගලයින් සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසයි. ඒ අනුව පන්සල් අවට සීමිත පිරිසකගේ සභාගීත්වයෙන් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *