පුද්ගලික සමාගමක් මගින් මෙරට විකුණාගත නොහැකි වූ කොමඩු අස්වැන්න විදෙස් වෙළෙද පොළට

කොවිඩ්-19 වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වී තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමක් මතයි. ඒ අනුව එම සමාගම අද පළමු අස්වැන්න මිලදී ගැනීම සිදු කරන ලදී.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුමේ රටේ පවතින ඇඳිරි නීති වාතාවරණය තුළ එම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි දුෂක්රතාවත්, තම අස්වනු සඳහා සාධාරණ මුදලක් නොලැබීමත් ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.

එවැනි තත්වයක් ඇති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මෙරට පළතුරු හා ආර්ථික භෝග අපනයන සමාගමක් වන සැන්මික් සමූහ ව්‍යාපාරය සමග ඊයේ සිදු කළ සාකච්ඡාවකින් පසු අද දිනයේදීම කොමඩු මිලදී ගැනීම ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *