මිනුවන්ගොඩ

පුද්ගලික අරමු‍‍ණු සදහා ඇඳිරි නීති බලපත් භාවිතා කළොත් නීති දැඩිවෙයි

අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර තම පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කරමින්ඇතැම් පුද්ගලයින් සිය ගම්බිම් බලා යාමට උත්සාහ දැරීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වන බව ඔහු පෙන්වා දෙයි.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කළ හැක්කේ අදාළ සේවාවන් සඳහා පමණක් වන අතර වෙනත් කිසිදු බාහිර කටයුත්තක් සඳහා එම බලපත්‍ර භාවිත කිරීම නීති විරෝධී බවත් යම් හෙයකින් එම බලපත්‍ර අවභාවිතා කළහොත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන රීතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙන බවත් අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *