පුටින්ට විශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි.

රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (18) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *