පුංචි සභා ලොක්කන්ට ඇති තර්ජන හොයන්න බුද්ධි මෙහෙයුමක්

ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල ප්‍රධානීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇත.

මෙහි පළමු පියවරක් ලෙස තර්ජනයට ලක්ව සිටින පළාත් පාලන  ආයතන ප්‍රධානීන්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ වලින්  ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස්  ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

එසේම තමන්ට පාතාලයෙන් හෝ වෙනත් කුමන හෝ කණ්ඩායමකින් මරණීය හෝ වෙනයම්  තර්ජන පවතී නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *