ගුවන් සේවිකාවන් දෙදෙනකුට පහරදුන් විදේශිකයා අත්අඩංගුවට

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් , එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට  මැලේසියාවට යාම සදහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබේ .

ඔවුන් උදෑසන 06.32 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් සිටියදී , ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර , එම නීතිය උල්ලංඝනය කරමින්  මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කරත්දී මෙම ගැටුම ඇති වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයෙහි නියමුවා දැනුවත් කිරීමෙන් පසුව , ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව , ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *