පැතුම් නිස්සංක අද තරගයට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ අද (14) පැවැත්වෙන පළමු තරගය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කිරිමට නියමිත ව තිබේ.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමි විය.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක මේ වන විට නිසි ශාරීරික යෝග්‍යතාවකින් පසු වීම හේතුවෙන් ඔහු අද තරගය සඳහා ක්‍රීඩා කිරිමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගය සඳහා ක්‍රීඩා කිරිමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *