පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමේ කටයුතු මෛත්‍රීගේ නිවසේදී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසට ඊයේ (26) පෙරවරුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් පැමිණ තිබේ. ඒ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඊයේ (26) දිනයේ එම පොලිස් ඒකකට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වා තිබුණමුත්, එසේ පැමිණීමට නොහැකි බැවින් නිල නිවසට පැමිණ ප්‍රකාශය ලබා ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා පොලිස් ඒකකයට දැනුම් දී ඇත. එම දැනුම් දීම අනුව පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් මෙසේ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *