පාසල් සිසුන්ගේ විවේක කාලය වෙන් වෙන් වශයෙන් ලබාදීමට පියවර, රංචු ගැසීම තහනම්

පාසල් සිසුන් වෙත එකම වේලාවකදී විවේක කාලය ලබා නොදීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවේ කණ්ඩායම් ලෙස එක් රැස්වීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ වෙන් වෙන් වශයෙන් සිසුන්ට විවේක කාලය ලබාදෙන ලෙසටයි.

පන්ති කාමරය තුළ දුරස්ථභාවය පවත්වා ගත හැකි ප්‍රමාණයට පමණක් සිසුන් යොදන ලෙසත්, පාසල් ආරම්භයේ දී හෝ අවසානයේ රංචු වශයේ ඒකරාශි වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් එම උපදෙස් මාලාවේ සඳහන්.

සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටරයක් ලෙස පවත්වාගෙන යාම ද අනිවාර්ය කාරණයක්. ඊට අදාලව පංති කාමර සකස් කර ගත යුතු අතර, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

පාසල් අදියර 04 ක් යටතේ ආරම්භ කිරීමේ වැඩපිළිවෙලට අදාලවයි ඉහත නිර්දේශ ලබාදී තිබේ. එමෙන්ම එහි දැක්වෙන තවත් කාරණයක් වන්නේ කොරෝනා අවදානම හමුවේ පනවා ඇති සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සිසු සිසුවියන් පුළුල්ව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *