ප්‍රේමලාල් සහ රිෂාඩ් හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතා සහ ප්‍රේමලාල් ජයසේකර මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ  කථානායකවරයා විසින් ලබා දුන් නියෝගය අනුව කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දන්වා ඇත.

ඊට අමතරව, බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාව ද පාර්ලිමේන්තුවට  කැඳවාගෙන ඒමට කථානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.

පවතින කොවිඩි  -19 තත්ත්වය හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් දෙපළම පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ  දැනට රජය විසින් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක් බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවල වැඩිදුරටත් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *