ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු යනවාද.? නැද්ද.?

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ, මේ වනවිට මරණ දඩුවම නියම වී බන්ධනාගාර ගතවී සිටින ප්‍රේමලාල් ජයසේකරට මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට අවසරදීම හෝ නොදීම පිළිබඳව තීරණය අභියාචනාධිකරණය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අනුව ප්‍රේමලාල් ජයසේකර විසින් ගොණු කල රිට් පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කිරීම හෝ නොකිරීම සිදුවනු ඇති. පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්න ද නැද්ද යන තීරණයද අද ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පසුගිය සිකුරාදා දිනයේදී කියාසිටියේ.

පසුගිය මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුවේ 02 වන ස්ථානයට ප්‍රේමලාල් ජයසේකර මනාප ඡන්ද 104 237 ක් ලබාගනිමින් තේරී පත්වුණා.කෙසේ වෙතත් මැතිවරණයෙන් තේරීපත්වූ අයෙකු ලෙස ඔහුගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුණද 09 වන පාර්ලිමේන්තුවේ මේ දක්වා පැවති කිසිදු රැස්වීමකට ඔහු සහභාගී කරවීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *