ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එනවාද නැද්ද තීරණය කරන්න නීතිපතිට බෑ – වාසුදේව

මරණ දණ්ඩනය නියමව ඇති පාර්ලිමේන්තු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු එනවා ද නැද්ද පිළිඹදව තීරණය කිරීමට නීතිපතිවරයාට කිසිදු බලයක් නැති බවත්, එය තීරණය කළ යුත්තේ ඔහු නොව කථානායකවරයා සහ පාර්ලිමේන්තුව බවත් ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (31) සඳහන් කළේය.

එමෙන්ම නීතිපතිවරයාට කළ හැක්කේ අධිකරණයේ දී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වීම පමණක් බවත්, නීතිපතිවරයාට අවශ්‍ය නම් අධිකරණය ලබා දී ඇති තීන්දුව ස්ථිර කරගැනීමට අධිකරණය හමුවේ පෙනී සිටිය හැකි බවත් එය එතුමාගේ රාජකාරිය බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමැති වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේදි ඊයේ (31) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *