අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කරයි.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී දැනට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබේ. අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්විමට නියමිතය. එමෙන්ම අද සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.