ඉර

ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (5) සිට ලබන 14 වනදා දක්වා හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දහවල් 12.13 ‍ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ,මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව සඳහන්.

මේ අතර අද දිනයේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව,දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල පස්වරු 02.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *