ප්‍රංශය රග්බි

අවාසනාවන්ත ලෙස ප්‍රංශය රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට…

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති 3 වන අර්ධ අවසාන පූර්ව තරගයෙන් ලකුණු 20 – 19 ක් වශයෙන් ප්‍රංශය පරදා ඉති තියුණු ජයක් ලැබීමට වේල්ස් රග්බි කණ්ඩායම සමත් වුණා.

තරගය ආරම්භ වී මිනිත්තු 5 ක් ගත වන විට ප්‍රංශය ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම ඇරඹුවේ උත්සාහක දිණුමක් සමගින්.  එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් තවත් මිනිත්තු 3 ක් ගත වනවිට තම දෙවන උත්සාහක දිණුමත් වාර්තා කිරීමට ප්‍රංශය සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ලකුණු 12 – 0 ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට ප්‍රංශය සමත් වුණා.

තරගයේ 13 වන මිනිත්තුවේදී තම ප්‍රථම උත්සාහක දිණුම වාර්තා කිරීමට වේල්සය සමත් වූ අතර තරගයේ ප්‍රථම භාගය නිමා වූයේ 19 – 10 ක් වශයෙන් ප්‍රංශය පෙරමුණ ගනිමින්.

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී ප්‍රංශයේ පරාජයට බලපෑ අවාසනාවන්තම සිදුවීම සිදුවුණා. ඒ ප්‍රංශ ලොක් (සෙකන්ඩ් රෝ) ක්‍රීඩක සෙබස්තියන් වාමහිනා වේල්ස් ක්‍රීඩකයෙකුගේ බෙල්ලට වැල මිටෙන් පහර දීම නිසා රෙඩ් කාඩ් පතක් ලැබ තරයෙන් ඉවත්වීමට සිදු වීමයි. එතැන් සිට තරගයේ  ඉතිරි මිනිත්තු 31, එක් ක්‍රීඩකයකු නොමැතිව  ක්‍රීඩකයක් 14 දෙනෙකුගෙන් පමණක් තරග වැදීමට ප්‍රංශයට සිදු වුණා. කෙසේ වෙතත් තරගයේ 75 වන මිනිත්තුව දක්වා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණක් තරග වදිමින් තම ලකුණු පරතරය 19 – 13 වශනේ තබා ගැනීමට ප්‍රංශ කණ්ඩායමට හැකියාව ලැබුණා.

නමුත් තරගයේ 75 වන මිනිත්තුවේදී වේල්සය තවත් උත්සාහක දිණුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනයද සාර්ථක වීමෙන් ලකුණු 20 – 19 වශයෙන් තරගයේ පෙරමුණ ගැනීමට වේල්සයට හැකියාව ලැබුණු අතර තරගය අවසාන වනතුරු එම ලකුණු පරතරය රැක ගැනීමට වේල්සය සමත් වූණා.

මේ අනුව 2019 රග්බී ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසු ලබන තුන්වන කණ්ඩායම බවට වේල්සය පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *