ඊයේ(27) පෙරවරු 11.30 වන විට මෙම සුළි කුණාටුව බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශයේ පිහිටා තිබූ අතර, එය කන්කසන්තුරයට ඊසාන දෙසින් කිලෝමීටර් 800ක් පමණ දුරින් පැවති බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.උතුරු අක්ෂාංශ 16.2° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ කේන්ද්රගතව පවතින මෙම පද්ධතිය, අද (28) පෙරවරු 11.30 පමණ වන විට ඉතා ප්රචණ්ඩ සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වරින් වර වැසි ඇතිවිය හැකිය.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ද ඉඩ තිබේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔක්තෝබර් 28 වැනිදා ප්රධාන නගර සඳහා නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව, වැඩිම උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 33ක් මඩකලපුවෙන් වාර්තා වීමට නියමිතය. අනුරාධපුරය, කොළඹ, රත්නපුරය සහ ත්රිකුණාමලය යන නගරවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අඩුම අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 15ක් නුවරඑළියෙන් වාර්තා වීමට නියමිත අතර, එහි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ප්රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි.


