“අපේ රටේ ඉරණම විසඳෙන දිනය නොවැම්බර් 16”- මේජර් ජනරාල් කමල් ගුණරත්න

වර්තමානයේ බොහෝ දෙනෙකුට යුද්ධය නිමාවට පත්කිරීමට තම දායකත්වය ලබාදුන් රණවිරුවන් අමතකව ගොස් ඇති බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඇඹිලිපිටියේ පැවති වියත් මඟ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී සභාව ඇමතූ කමල් ගුණරත්න මහතා කියා සිටියේ “මේ වෙලාවේ අපි හරි නායකයා විදියට, අපේ රටේ නායකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා පත්කර ගත්තේ නැත්නම් මම දන්නවා අපේ අනාගත පරම්පරාව අපිට යම්කිසි දවසක සාප කරයි” යනුවෙනි.
“උන් කියයි ඔබල තමයි අපිට ඉන්න මවුබිමක් නැති කළේ. ඔබලා තමයි අපිට ඉන්න රටක් නැති කළේ. අපිට ජීවත්වෙන්න තිබිච්ච අපේ රටේ සම්පත් සියල්ල විකුණද්දී අහක බලාගෙන නිදාගෙන බක තපස් රැක්කේ උඹල තමයි. ඒක නිසා උඹලට සාපවෙන්න ඕන කියල අපේ අනාගත පම්පරාව අපිට සාප කරයි.

අපේ දරුවන් පවා අපිට සාප කරයි. ඒ නිසා අපේ යුතුකම බොහොම හොඳට කල්පනා කරල උනන්දුවෙන් මේක තේරෙන්නේ නැති අයට තේරුම් කරල ඒ අය හැමෝම අපි ඒකරාශී කරගෙන අපි අපේ යුතුකම ඉෂ්ඨ කරමු.

මෙතනදී ඉතාමත්ම වගකිවයුතු ප්‍රකාශයක් කළ යුතුයි. අපේ රටේ ඉරණම විසදෙන දිනය නොමැම්බර් මාසයේ 16 වැනිදා.

අපේ රටේ මිනිස්සු මව්බිමට ආදරය කරන මිනිස්සු අනාගත පරම්පරාවට ආදරය කරන මිනිස්සු හරියට ඔලුව කල්පනා කරල නිවැරදි පුද්ගලයාව අපේ රටේ නායකයා ලෙස තෝරාගත්තේ නැත්නම් අපේ රට මෙතනින් ඉවරයි.

මම හැමතැනදිම මේකට කියන දේ තමයි මේ තමයි අපේ මව්බිමේ ඇසිඩ් ටෙස්ට් එක. ඇසිඩ් දාල ටෙස්ට් කරනකොට ‍බොහෝ වෙලාවට ඒක පිච්චිලා යනව.

නමුත් මේ වෙලාවේ අපේ රටේ අනාගතය පිලිබදව අපේ මවුබිමේ අනාගතය පිළිබදව අපේ අනාගත පරම්පරාවේ අනාගතය පිළිබදව ඇසිඩ් ටෙස්ට් එක තමයි ඔය එන්නේ.

අපි කල්පනාකරල බලන්න ඕන අපේ රට බාරගන්න අවශ්‍ය රටේ අනාගතය ගැන අනාගත පරම්පරාවේ අනාගතය ගැන ජාතික ආරක්ෂාව ගැන රටේ ආර්ථිකය ගැන මනා අනාගත දැක්මක් අනාගත දර්ශනයක් තියෙන නායකයෙකුද එහෙම නැත්තම් රෑට රෑට ඔක්සිජන් ගන්න අපි ළගට අපේ ගෙවල් අස්සේ රිංගන නායකයෙක්ද අපි තෝරාගත යුත්තේ කියල අපිට තෝරාගන්න වෙලාව ඇවිල්ලා‍.” යැයිද් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කමල් ගුණරත්න මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *