බෙංගාල බොක්ක ආශ්රිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය ක්ෂේත්රය පිළිබඳ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම 2026 නොවැම්බර් 10 සහ 11 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙම ඉහළ පෙළේ කලාපීය රැස්වීම් සංවිධානය කිරීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 අප්රේල් මාසයේදී බැංකොක්හි පැවති බිම්ස්ටෙක් සංවිධානයේ හයවැනි සමුළුවේදී ගනු ලැබූ තීරණ අනුව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වේ.
එම සමුළුවේදී බෙංගාල බොක්ක ආශ්රිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බිම්ස්ටෙක් සංවිධානය තුළ මහජන සෞඛ්ය සහයෝගීතාව මෙහෙයවීමේ ප්රමුඛ රට ලෙස ශ්රී ලංකාව නම් කර තිබිණි.


