යෝජිත අවබෝධතා ගිවිසුම (MoU) යටතේ, වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්යය පිළිබඳ ජාතික ආයතනය (NIOSH) මඟින් තෝරාගනු ලබන ශ්රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්යාලයේ (Changshin University) උසස් අධ්යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම, දකුණු කොරියාවේ ග්යොංසංනම්-දෝ (Gyeongsangnam-do) පළාතේ පිහිටි කර්මාන්තවල රැකියා අවස්ථා ලබාගැනීමටත්, එම පළාතේ දිගුකාලීනව පදිංචි වීමටත් අවස්ථා සැලසීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
මෙම වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා පාර්ශ්ව පහක් සම්බන්ධ කරගනිමින් නව අවබෝධතා ගිවිසුමක් සහ මෙහෙයුම් රාමුවක් සකස් කර ඇති බව රජය සඳහන් කරයි. එම පාර්ශ්ව වන්නේ ශ්රී ලංකාවේ කම්කරු අමාත්යාංශය, වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්යය පිළිබඳ ජාතික ආයතනය, දකුණු කොරියාවේ ග්යොංසංනම්-දෝ පළාත් පාලන ආයතනය, සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්යාලයයි.
මෙම වැඩසටහනට පදනම සැකසුණේ වෘත්තීය පුහුණු සහ ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා NIOSH සහ චැංෂින් විශ්වවිද්යාලය අතර 2023 වසරේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුමෙනි.
කෙසේ වෙතත්, එම ගිවිසුමේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් එය ක්රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. ඒ අනුව, සංශෝධිත ගිවිසුමක් සහ ඒ සඳහා අවශ්ය මෙහෙයුම් රාමුවක් සකස් කිරීමට පියවර ගෙන ඇත.
පාර්ශ්ව පහ අතර නව ගිවිසුමට එළඹීම සඳහා කම්කරු අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.


