ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට පත්වීමේ ලිපිය පිළිගන්වන ලදී.
මෙම පත්වීමට පෙර, ආසිරි කරුණාවර්ධන මහතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.


