අධිකරණය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අවසර ලබා නොදීමට රජය ගත් තීරණය හේතුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විසින් ප්රජාතන්ත්රවාදී මූලධර්ම, ආණ්ඩුක්රමයේ ත්‍රිත්ව බල ව්‍යුහය (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය), බලතල වෙන් කිරීමේ මූලධර්මය (Separation of Powers) සහ බල පාලන හා තුලන ක්‍රමවේදය (Checks and Balances) පදනම් කරගනිමින් මෙම විවාදය ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත්, එම ඉල්ලීමට රජය එකඟ වී නොමැත.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණු පාර්ලිමේන්තුව තුළ විවෘතව සාකච්ඡා කළ යුතු බව විපක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇති අතර, එවැනි සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදී පාලනය දුර්වල කරන බවට ඔවුහු අනතුරු ඇඟවූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, අධිකරණය සම්බන්ධ කරුණු පිළිබඳ විවාදයකට ඉඩ ලබා නොදීම ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට එල්ල වූ පහරක් බවයි.
ඉදිරියේදී ගත යුතු පාර්ලිමේන්තු සහ දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ඔහු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළේය.
මෙම හමුවට රෝහිණී විජේරත්න, චිත්‍රල් ප්‍රනාන්දු, වී. රාධාක්‍රිෂ්ණන්, චමින්ද විජේසිරි, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කවින්ද ජයවර්ධන, චතුර ගලප්පත්ති, කබීර් හෂීම්, රවී කරුණානායක, එම්.එස්.ඒ. වසීඩ්, රෝහණ බණ්ඩාර, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, බී. ආරියවංශ, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, අර්චුනා රාමනාදන්, නිසාම් කාරියප්පර්, එම්.එස්. උතුමාලෙබ්බේ, චානක මදුගොඩ, සුරංග රත්නායක සහ සෙල්වම් අඩෛක්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


