නිවාඩු ගොස් නැවත පැමිණෙන පොලිස් නිලධාරීන් දින 7ක් සෙසු නිලධාරීන්ගෙන් වෙන් කර තැබේ

කොන්දේසි වලද යටත්ව ‘දින විවේක’ මත නිවාඩු ගොස් නැවත සේවයට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා යොදා නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට ඉකුත්දා පියවර ගැනුණත් කොන්දේසි යටතේ පොලිස් නිලධාරීන්ට දින විවේක ලබාදීමටයි කටයුතු කර තිබුණේ. එලෙස නිවාඩු ලබා යළි සේවයට පැමිණෙන පොලිස් නිලධාරීන් දින දෙකක් සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර තැබීමට කටයුතු කරන ලෙස මීට පෙර උපදෙස් ලබාදි තිබුණත් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත එම කාලය දින 7 ක් දක්වා දීර්ඝ කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *