නිව් ඩයමන්ඩ් නෞකාව ශී‍්‍ර ලංකාවෙන් ඈතට

නැගෙනහිර මුහුදේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ශී‍්‍ර ලංකාවෙන් ඈතට රැගෙන යාමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්, මේ වනවිට නෞකාව ශී‍්‍ර ලංකාවෙන් මුහුදු සැතපුම් 50 ක් ඈතට රැගෙන ගොස් ඇති බවත් ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

මේ අතර එම නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවත්, එම පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා සිටියි. කෙසේවෙතත් පර්යේෂණාගාර වාර්තාවල් මගින් එම ඉන්ධන වර්ගය තහවුරු කරගැනීමට නියමිතයි.

නෞකාවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙන අතර, ටග් යාත්‍රා යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම මේ වනවිට ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *