නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ඇතිවූ ගින්න මැඩලීමට අඛණ්ඩ මෙහෙයුම්

ඉකුත් දා මෙරට නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඊයේ (07) පස්වරුවේ නැවත ඇතිවූ ගින්න මැඩපැවැත්වීමට අඛණ්ඩව මෙහෙයුම් කි‍්‍රයාත්මක බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසන්නේ ඒ සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික හමුදාවේ හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත‍්‍රාවල ද සහය හිමිව ඇති බවයි.

එමෙන්ම ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පවසන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා හරහා අද දින ද ගුවනින් ජලය සහ රසායනික ද්‍රව්‍ය ඉසීමට කටයුතු කරමින් ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *