නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නෙන් රජයට සිදුවූ අලාභය පිළිඹඳ වාර්තාවක් සකස් කිරීමට උපදෙස්

පසුගියදා හදිසි ගිනිගැනීම ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නට අදාළව ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වහාම සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා බලධාරීන්ට උපදෙස්දී තිබේ.

අදාළ නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, නාවික හමුදාපති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ වෙළෙඳ නාවික කටයුතු පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඊයේ (06) නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා එම උපදෙස් ලබාදී තිබේ.

තවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මෙම නෞකාව තිබෙන ස්ථානයට ගියහොත් එම ප්‍රදේශයට වූ දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *