නිරෝධායන රීති උල්ලංඝණය කෙරූ පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී ඒ අතර නගරාධිපති වරයෙකුත්

තලවකැලේ ප්‍රදේශයේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ළිඳුල තලවකැලේ නගරසභාවේ නගරාධිපතිවරයා ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර, ගිරිබාව ප්‍රදේශයේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සමුහයක් ලෙස රක්ෂිතයක් හෙළිකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 844ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඒ අනුව 2020 ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති සමස්තය 41,518ක් වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *