පාර්ලිමේන්තු කාරක සභාව රැස්වේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පෙරවරු 9.30ට රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු පිළිබඳ මෙහිදි එකඟතාවන්ට පැමිණීමට නියමිතය.

නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් අටදෙනෙකු එම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිත බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *