නිරෝධායන කාලය සම්පූර්ණ වු තවත් 223 දෙනෙක් නිවස් වෙත

විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ පුද්ගලයින් 223 දෙනෙකු දින 14ක නිරෝධායන කාලයකින් පසු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

මෙලෙස පිටත් කර ඇත්තේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 30දෙනෙකු වේ.

එම පිරිසත් සමගම මේ වනවිට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 735 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රරකාශකවරයා පවසයි.

ඒ අනුව තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *