කොවිඩ්

නිරෝධායන ක්‍රියාවලිය දින 14 සිට 21 දක්වා ඉහළට

දින 14 ක කාලයක් නිරෝධායනය වූ ඇතැමුන්ට වෛරසය ආසාධනය වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ක්‍රියාවලිය දින 14 සිට 21 දක්වා වැඩි කිරීම කෙරෙහි අවදානය යොමු කර ඇති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දින 14 නිරෝධායන කාලය අවසන් කර නිවෙස් වෙත ගිය කිහිපදෙනෙකුටම මේ වන විට කොරෝනා ආසාධනය වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලිය දින 21 ක් වූයේ නම් එම කාලය තුළදීම රෝගීන් හදුනා ගැනීමට අවස්ථාව උදාවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය කෙරෙහි පුළුල්ව අවදානය යොමු කර කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *