නිරෝධායනය කටයුතු මගහරින මුස්ලිම්වරුන්ට දැනුම්දීමක්

රාමසාන් උපවාස කාල සීමාවේ සියලුම ආගමික වතාවත් සඳහා අවස්ථා සලසා දී ඇති බැවින්, කොරෝනා ආසාදිතයන් බවට සැක කරන සැඟවී සිටින මුස්ලිම් ප්‍රජාව අදාළ නිරෝධායන කටයුතු සඳහා එක්වී ඒ සදහා සහය ලබා දෙන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රාමසාන් උපවාස සමය ලබන 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, නිරෝධායන කටයුතු සදහා එක් වීමන් තමන්ට උපවාස කිරීමේ අවස්ථාව අහිමිවේ යැයි යන බියෙන් ඇතැමුන් එය මගහරිමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සැඟවී සිටින මුස්ලිම් ජාතිකයන් 49 දෙනෙක් පැය 24ක් තුළ සොයාගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා රහස් බුද්ධි සේවාවේ වාර්තාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමුකර තිබුණේ මෙම සතියේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *