නව අමාත්‍යවරු හතර දෙනෙක් පත් කරයි.

නව අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ආරංචි මාර්ගවලට අනුව මේ වන විට අමාත්‍යවරුන් හතර දෙනෙකු පත් කර ඇත.

“තාවකාලික පියවරක් ලෙස ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් අමාත්‍යවරුන් හතර දෙනෙකු පත් කර ඇත,” රජයේ ජ්‍යෙෂ්ඨ මූලාශ්‍රයක් NewsWire වෙත පැවසීය.

තාවකාලිකව පත්කළ අමාත්‍යවරුන් සිව්දෙනා පහත දැක්වේ.

අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය
දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහාචාර්ය ජී එල් පීරිස්
මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *